ජනපතිතුමන්ට ගායක ගායිකා උපහාර

නොවැම්බර් 14, 2019

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපහාර පුද කිරීමක් ඉකුත් දා ජනපති මැදුරේදී සිදු කෙරිණ. ඒ ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය මඟිනි. වයෝවෘද්ධ ගායක ගායිකාවන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා කටයුතු සම්පාදනය කොට ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිිරීම හේතුවෙන් ජනපතිතුමන් හට මේ විශේෂ උපහාරය පිළිගන්වන ලදී.

ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපති ජානක වික්‍රමසිංහ ලේකම් රොහාන් ද සිල්වා ඇතුළු ගායක ගායිකාවෝ විශාල සංඛ්‍යාවක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. උත්සවයේ සම්බන්ධිකරණය සනත් වීරසූරියගෙනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.