රීලෝඩ් 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

නොවැම්බර් 14, 2019

 

රීලෝඩ් සිනමාපටය මේ මස 22 වැනිදා සිට තිරගත වන බව එහි අධ්‍යක්ෂ සුසන්ත ධර්මප්‍රිය සරසවියට දන්වා සිටියි. සිනමා මණ්ඩල කිහිපයක් යටතේ ඇති සිනමා ශාලා රැසක මෙම සිනමාපටය ප්‍රදර්ශනය වේ. රීලෝඩ් අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වේ. ඔහු මේ වන විට සරසවි චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලකවරයකු වශයෙන් සේවය කරමින් සිටියි.

රොෂාන් පිලපිටිය, දිල්හානි අශෝකමාලා, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, සරත් චන්ද්‍රසිරි, ගයත්‍රි ඩයස්, ඩී. බී. ගංගොඩතැන්න, හේමන්ත ඊරියගම, තාරුකා වන්නිආරච්චි, හරිත වාසල, ඉන්දික දේශප්‍රිය, චතුර පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, නන්දන හෙට්ටිආරච්චි, සුනිල් ජයලත්, සැනට් දික්කුඹුර, තිලකරත්න ලියනගේ, රාජසිංහ ලෝලුවාගොඩ, මංජුල මොරගහ, ශානි පෙරේරා, මල්කි ප්‍රනාන්දු, ආරියසේන ගමගේ, කීර්ති බණ්ඩාර, ජීවන් හඳුන්නෙත්ති ඇතුළු පිරිස රීලෝඩ් රංගනයෙන් හැඩ කරති.

මහින්ද උඩුවන, කමල් ධර්මප්‍රිය සහ ධම්මිකා ප්‍රියදර්හනී මෙහි නිෂ්පාදකවරුන්ය. හරිත් වාසලගේ තිර රචනයකි. සම්පත් රත්නායක, සහාය අධ්‍යක්ෂවරයාය. සුනිල් ප්‍රේමරත්නගේ සම අධ්‍යක්ෂණයකි. කපිල මැද්දෙගොඩ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන්ද ප්‍රියන්ත ඊෂ්වර අංග රචනයෙන් ද මෙයට එක්ව තිබේ. සුසන්ත ඩයස්, සනත් ජානක සහ කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂවරුන්ය. දොන් අරුණ ශාන්ත නිෂ්පාදන කළමනාකරුය. අංජලිකා සෙනෙවිරත්න ගායනයෙන් එක් විය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.