ලතා මංගේෂ්කාර් අසනීපයෙන්

නොවැම්බර් 21, 2019

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් සඳුදා අලුයම බ්‍රීච් කැන්ඩි (Breach candy hospital) රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා. 90 හැවිරිදි ඇය බරපතළ තත්ත්වයක පසුවුවත් වෛද්‍ය පතිත් සම්දානිගේ ප්‍රතිකාර හේතුවෙන් සෙමින් සුවය ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තවදුරටත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පවුලේ සමීපතමයින් පවසන්නේ, "ලතා ජී ට දැන් වඩාත් සුවයි. ඔබගේ යාඥාවන්ට බොහොම ස්තූතියි. ඇයට සුව වී ඉක්මනින් ගෙදර පැමිණිය හැකියි. අප සමග සිටිමින් අපගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන්නෙමු." යනුවෙන් පවසා තිබේ.

ඉනුෂි මදුෂිකා නවරත්න
ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.