වරුන් ධවාන්ගේ විවාහය කල් යයිද?

නොවැම්බර් 21, 2019

වරුන් ධවාන් (Varun Dhawan) සහ නතාෂා දලාල් (Natasha Dalal) ගේ විවාහය බොහෝ කලක සිට කතා වෙන්නක්. 2018 වර්ෂයේදී අතිශය රහසිගත ලෙස පවුලේ ඥාතීන් සමග පමණක් ඔවුන්ගේ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වූ බවට ආරංචි වුණා. දැන් මේ දෙන්නගේ විවාහ මංගල්‍ය හැමෝටම ලොකු මාතෘකාවක් වෙලා. එය ගෝවාවල (Goa) හෝ ජෝදාපූර්වල (Jodhpur) ගන්නා බවටත් දැනගන්නට ලැබුණා. ඒ වගේම එය මුම්බායිවල පවත්වන බවටත් විවිධ ඉඟි පළවෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙය වෙරළාසන්නයේ පවත්වන්නට නියමිත උත්සවයක් කියලත් සමහර ඉන්දීය මාධ්‍ය කියා සිටිනවා .එය හරියටම කෙසේ වේවිද කියලා කියන්න අපහසුයි. නමුත් වරුන් මේ ගැන දරන්නේ වෙනස් මතයක්. ඔහුගේ කාර්යබහුල රූගත කිරීම් හේතුවෙන් මේ අවුරුද්දේදී විවාහය පවත්වන්නට කල් මදි බවයි ඔහු කියා සිටින්නේ.

ඉනුෂි මදුෂිකා නවරත්න
ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.