ෂාරුක්ට සුහානාගෙන් උණුසුම් හාදුවක්

නොවැම්බර් 21, 2019

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ සහ ගෞරි ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ද සමාජ මාධ්‍ය ජාලාවල කලින් කලට පුවත් මවන්නියක් බවට පත්වෙලා. ඒ ඇය විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරිනු ලබන ඡායාරූප හේතුවෙන්. පසුගිය දිනෙක ඛාන් පවුල විදේශීය සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර දී ලබාගත් ඡායාරූපයක් ද ඇය සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැර තිබුණා. සුහානා ඛාන් ෂාරුක්ගේ කම්මුලට ආදරණීය හාදුවක් ලබා දෙන අයුරුයි එහි දැක්වෙන්නේ. තවමත් නිව්යෝර්ක්හි අධ්‍යාපන කටයුතුවල නිරතවන ඇයට බොලිවුඩයට පා තබන්නත් අදහසක් තියෙනවා. ඒ පිළිබද ෂාරුක් ද වරෙක සම්මුඛ සාකච්ඡාවක දී මෙලෙස හෙළිකර තිබුණා. චිත්‍රපට ලෝකයට පිවිසීමට සුහානා ගත් තීරණයට සහය දෙන අතරම, ඇගේ පළමු චිත්‍රපටයට අත්සන් කිරීමට පෙර ඇයගේ අධ්‍යයන කටයුතු අවසන් කළ යුතු බවට යි ඔහු පවසා තිබුණේ.

ඉනුෂි මදුෂිකා නවරත්න
ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.