එමා වොට්සන් තාමත් තනිකඩයි

නොවැම්බර් 21, 2019

හැරිපොටර් චිත්‍රපට මාලාව තුළ, හර්මයින් ග්‍රැන්ජර් (Hermione Granger) චරිතය ඔස්සේ ලොව පුරා සිනමා රසිකයින් උන්මාදයට පත් කළ හොලිවුඩ් තාරකාවක් තමයි එමා වොට්සන් කියන්නෙ. ඇයට දැන් වයස අවුරුදු තිහ සම්පූර්ණ වීමට ආසන්නයි. ඒත් ඇය තාමත් තනිකඩයි. ඉතිං පසුගිය දිනවල මාධ්‍ය හමුවේ ඇය අපූර්ව ප්‍රකාශයක් කර තිබුණා. තිස් වසරට පා තැබීම පිළිබද ඇය කරදර නොවන බවත් විවාහ ජීවිතයට වඩා තනිකඩ ජීවිතයේ දී සතුටින් කාලය ගත කළ හැකි බවත් ඇය පැවසුවා. බොහෝ අයගේ මතය අනුව වයස අවුරුදු තිහ සම්පූර්ණ වනවිට කාන්තාවක් විවාහ වී දරුවන් ලැබිය යුතු බව විශ්වාස කළත් තමන් ඒ මතයේ නොසිටින බවද ඇය කියා තිබුණා. ඒ කෙසේ වෙතත් හොලිවුඩ් පෝ(ර්)ටල් (Hollywood Portal) වාර්තා කරන පරිදි ඇය පසුගිය දිනයන්හි කඩවසම් තරුණයින් සමග ලන්ඩන් නගරයේ දැකගන්නට ලැබුණු බවත් ආරංචියි. එහිදී උණුසුම් හාදු පවා හුවමාරු වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඉනුෂි මදුෂිකා නවරත්න
ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

Add new comment