ඡන්ද 4 ක්ද?

නොවැම්බර් 21, 2019

ඉකුත් ජනාධිපතිවරණය දවසෙ ඡන්දය පාවිච්චි කළා කියලා පෙන්වන්න බොහෝ දෙනෙකු කළේ තමන්ගේ පාට කළ ඇඟිල්ල ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක්කිරීම. මේක රැල්ලක් බවට පත් වුණා කියලා කිව්වත් වැරැදි නැහැ. දම් පැහැ ගැන්වුණු සුළැඟිලි රැසක් එදින දැකගන්නට ලැබුණා. සාමාන්‍යයෙන් ඡන්දෙ දැම්මම පාට කරන්නේ එක ඇඟිල්ලනෙ. එහෙම වුණත් රොඩ්නි වර්ණකුල තමන්ගේ ඇඟිලි හතරක විතර හිටින්න ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක්කරලා තිබුණා. ඒ ඇඟිලි ඔක්කොම දම් පාට වෙලා තිබීම ද පුදුමයට කරුණක්. රොඩ්නිගේ ඇඟිලි ටික කොහොමද දම් පාට වුණේ කියලා ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් ඔහු සටහන් කරලා තිබුණා. ඡන්දෙ දාන්න ගිහින් නෙවෙයි රොඩ්නිගෙ ඇඟිලි දම් පැහැ වෙලා තිබුණේ. ඔහුගේ ඇඟිලි වාහනයේ දොරට අහු වෙලා. හරියටම ඒක වෙලා තියෙන්නේ ඡන්දෙ දවසෙ. බොහෝ දෙනෙක් තමන්ගේ එක් ඇඟිල්ලක ඡායාරූපයක් මුහුණු පොතට එක් කරද්දී දම් පාට වුණු ඇඟිලි කිහිපයක්ම රොඩ්නි මුහුණු පොතට එක් කළේ ඔය හේතුව නිසයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.