වර්ෂ 2019 ක්වූ December 14 වැනිදා Saturday
වරද කොතැනද
නොවැම්බර් 21, 2019

නිරෝෂන් විජේසිංහ මේ දවස්වල තරමක දුකක් හිතේ තියාගෙන ජීවත් වෙනවා කියලා ආරංචියි. ඒක වුණේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යය විකාශය වුණායින් පස්සේ. නිරෝෂන් මෙහි රඟපාන්නේ වෙනස්ම චරිතයක්. මෙතෙක් කළ චරිතවලට වඩා දැනෙන්න දෙයක් කරන්නට අධ්‍යකෂ සුනිල් කොස්තා ඔහුට ඉඩ ලබා දුන්නා. නාට්‍ය විකාශය වෙන කාලේ නිරෝෂන් බලාපෙරොත්තු වුණා මාධ්‍යයෙන් ඔහුට කතා කරයි කියලා. නමුත් ඒක සිදු වෙලා නැහැ. හිතාගෙන හිටපු විදිහට කවුරුවත්ම කතා කළේ නැතිලු. මන්දා කොතනද වැරැද්ද කියලා. නිරෝෂන් එහෙම කල්පනා කරනවලු.
නිශ්ශංක විජේරත්න