වන් මෝ

නොවැම්බර් 21, 2019

රන්යායේ රිදීනිම්නේ ඇගේ රුව පාවෙන්නේ ගීතයෙන් රටක් හඳුනාගත් ජාලිය රණතුංගට මිල්ටන් මල්ලවාරච්චිගෙ ගීත නිසා ස්ටේජ් එකෙන් බහින්න ඉඩක් නොලැබුණ අවස්ථාවක් පිළිබඳ ආරංචි වුණා. ජාලියට නිරන්තරයෙන්ම විවිධ උත්සව සඳහා ඇරැයම් ලැබෙනවා. ඔහු එවාට සහභාගි වී තමන්ගෙ රන්යායේ, ආදරේ පුද දෙන්න වැනි ගීත ගයා අවසනදී මිල්ටන් මල්ලවාරච්චිගේ ගීයකුත් ගයනවා. ජාලිය ඊයේ පෙරේදා සහභාගි වූ උත්සවයකදීත් ඔය ටිකම කරලා. අනතුරුව මඳ වේලාවක් එහි රැඳී ඉඳලා. එළඹිලා තියෙන්නේ පිරිස වේග රිද්මේ ගීතවලට නටන අවස්ථාව.

ඇති වෙනකම් කට්ටිය නැටුවට පස්සේ වාද්‍ය වෘන්දය තම කාර්යය ඉවර කළාලු. මේ අතරේ නටලා ඉවර වුණු පිරිස පැත්තක වාඩිවෙලා ඉන්න ජාලියව දැකලා. කෙනකු අතින් අල්ලාගෙන වේදිකාවට ගෙනත් බලවත් ලෙස ඉල්ලීමක් කළාලු මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ගයන්න කියලා. ආම්පන්න අස්පස් කරගන්න හිටපු බෑන්ඩ් එකේ පිරිවරට ඒ වැඩේ පසුවට දාලා වාදනය කරන්න වුණාලු. අන්තිමේ ජාලිය එතැනින් බේරිලා ඇවිත් තියෙන්නේ මිල්ටන්ගේ ගීත අටක්ම කියලා

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.