නවාතැනේ ඉන්නා විට

නොවැම්බර් 21, 2019

මෙරට මියුසික් වීඩියෝ වැඩිම ප්‍රමාණයක රඟපෑව නළුවා තමයි විරාජ් පෙරේරා. මේ වන විට ඔහු රඟපෑ වීඩියෝ සංඛ්‍යාව දෙසීයකට අධිකයි. මේ විරාජ් ටෙලි නාට්‍ය රංගනය තුළින් ද පේ‍්‍රක්ෂක ඔබ හමු වුණා. ඔහු මේ කටයුතුවලට අමතරව තවත් දෙයකට අතගහලා. නුවර පැත්තේ නිස්කලංක ඉඩමක නිවාඩු නිකේතනයක් හදලා. කලා ලෝකයේ පිරිවරට නුවර ආවම නවාතැන් ගන්න තමයි විරාජ් මේ ආයතනය ගොඩනඟලා තියෙන්නේ. නුවර පැත්තේ ආවොත් විරාජ්ව සම්බන්ධ කරගෙන ඒ නවාතැනෙහි නවාතැන් ගත හැකියි.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.