රීලෝඩ් සමඟ ෆේස් ටු ෆේස් එකට එයි

නොවැම්බර් 21, 2019

 

මේ මස 22 වැනිදා එනම් හෙට දිනයේ සිනමාපට ද්විත්වයක් තිරයට පැමිණීමට නියමිතය. ඒ සුසන්ත ධර්මප්‍රියගේ රීලෝඩ් සහ හර්ෂ උඩකන්දගේ ෆේස් ටු ෆේස් ය. රීලෝඩ් මණ්ඩල කිහිපයක සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. දිල්හානි අශෝකමාලා, කුමාර තිරිමාදුර, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිලපිටිය, ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, ශෙහානි පෙරේරා, ඕෂධී හිමාෂා, අමිල කරුණානායක ආදී නළු නිළියෝ රඟපාන ෆේස් ටු ෆේස් සහන් අබේවර්ධන සහ ෂර්මාල් ඩිල්ෂාන්ගේ නිෂ්පාදනයකි. මෙය රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.

 

 

 

Add new comment