සරසවිය සම්මාන දිනූ

ඇමැතිතුමාට සුබපැතුම්
නොවැම්බර් 28, 2019

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවොත්පාදන කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සරසවිය අපි සුභාෂිංශන ගෙන එන්නෙමු. ජනමාධ්‍ය විෂය ද ඔහුට බාර කොට තිබේ. අමාත්‍යවරයා සරසවියට සුවිශේෂී බවද මෙහිදී මතක් කරන්නට කැමැත්තෙමු. අවස්ථා කිහිපයකදී ඔහු සරසවිය සම්මාන දිනා ඇත. ඒ හොඳම නිෂ්පාදක හැටියටය.

සුද්දිලාගේ කතාව සහ සිරි මැදුර යන චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් එකී වර්ෂවල සරසවිය සම්මාන උලෙළේ හොඳම නිෂ්පාදක වූයේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාය. ඔහු නිපැයූ තවත් සිනමාපටයක් නොබෝ දිනකින් තිරයට පැමිණීමට නියමිතය. ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්ෂණය කළ ද නිවුස් පේපර් වේ.

 

Add new comment