වර්ෂ 2019 ක්වූ December 12 වැනිදා Thursday
පාර්තිභා තිරගත වේ

ආර්.පී අබර්ණා සුදන් අධ්‍යක්ෂණය කළ "පාර්තිභා" නම් වූ දමිළ භාෂිත සිනමාපටය පසුගිය 21 වෙනිදා සිට මහජන ප්‍රදර්ශනයට මුදා හැරිණි. කැපිටල් මහරාජා ආයතනයට අනුබද්ධිත ශක්ති එෆ්.එම් නාළිකාව ඉදිරිපත් කරන මෙම සිනමාපටය මෙම වසරේ තිරගතවන එකම ශ්‍රී ලාංකේය දමිළ වෘත්තාන්ත සිනමාපටය වේ. එහෙත් අර්ධ වෘත්තාන්ත සිනමාපට (ර්ඪඤ-තඥදඨඩබ ජ්ඥචබභපඥඵ) ඛාණ්ඩය යටතට ගැනෙන මෙය විනාඩි 45 ක ධාවන කාලයකින් යුක්ත වේ. එෆ්.එම් නාළිකාවක සේවය කරන නිවේදකයකු වටා මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත.
ගජන් කනේශාන්, ෂෙරෝන්, රශි පබා සංදීපනී, කේ. චන්ද්‍රසේකරන් යන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන "පාර්තිභා" හි කැමරාකරණය බාලාගෙනි. සංස්කරණය අන්ජලෝ ජෝන්ස්ගෙනි. භානුක ප්‍රනාන්දු මෙහි කලා අධ්‍යක්ෂකවරයා වේ.