කාර්තිගේ වාර්තාගත චිත්‍රපටය

නොවැම්බර් 28, 2019

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යාගේ බාල සහෝදරයා තමයි කාර්ති. ඔහු රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයක් මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. ඒ ලොකේෂ් කන්ග්රාජ් විසින් අධ්‍යක්ෂණය කළ “කයිති” චිත්‍රපටයයි. මෙය කාර්ති දායක වූ දමිළ චිත්‍රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100 ආදායමක් ලැබූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වෙනවා. මින් පෙර ඔහු රංගනයෙන් දායක වුණු “ඕපිරි” සහ “කාශ්මෝරා” චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 80 කට වඩා වැඩි ආදායමක් උපයගෙන තිබුණා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.