ෂාහිඩ් කපුර්ගේ යුග දිවියේ රහස්

නොවැම්බර් 28, 2019

ෂාහිඩ් කපුර්ගෙ විවාහය සිද්ධ වුණේ මීට අවුරුදු 4කට කලින්. ඒ Mira Rajpu සමඟ. මේ දෙන්නා මේ වෙනකොට බොලිවුඩ්වල ආදරණීයම යුවළක් වී හමාරයි. මීරාගේ පවුල් පසුබිම චිත්‍රපට ලෝකයට සම්බන්ධ නැහැ. නමුත් මේ වෙනකොට ඇය ෂාහිඩ්ගේ ජීවන රටාවට අනුගත වෙලා. ඔහු ඒ ගැන කතා කරන්නෙ ඉතාමත් ප්‍රශංසාවෙන්. ඔහු බිරිඳ ගැන අපූර්ව යමක් කියා තිබුණා. “ මගේ ප්‍රේමණීය ජවනිකාවලට ඇය කිසිසේත්ම ඊර්ෂ්‍යා සහගත නැහැ.” යනුවෙනුයි ඔහු කියා තිබුණෙ. ෂාහිඩ්ගේ රංගන ජීවිතය ඔවුන්ගේ විවාහ දිවියට කිසිසේත්ම බලනොපාන බවයි ඔහු කියන්නෙ. ඔහු තවදුරටත් කියා සිටියේ “මීරාට වෙන කෙනෙක් වගේ වෙන්න කවදාවත් ඕනෙ වුනේ නැහැ. ඇය යනු ඇයයි” යනුවෙන්. ඔවුන්ට දැන් සුරතල් දරුවන් දෙදෙනෙකුද සිටිනවා. Mish සහ Zain  නමින්. ෂාහිඩ්ව සිනමා රසිකයන්ට යළි දකින්නට ලැබෙන්නේ “Jersey” චිත්‍රපටයෙන්.