කවියත්, සිනමාවත් එක් කළ

පුරෝගාමී කතුවරයා සමුගනී
නොවැම්බර් 28, 2019

මෙරට බිහි වූ ප්‍රථම කාව්‍යාත්මක සිනමා පුවත්පත වූ “නිළිය” හි කර්තෘවරයා වූ කොබ්බෑවල රණසිංහ මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 93 කි. කොබ්බෑවල මහතා ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය වූ චම්පිකා දීපානි රණසිංහගේ ආදරණීය පියාණන් ද වේ. කොළඹ යුගයේ කවියකු, හිටිවන කවියකු ලෙස ද ප්‍රකට ඔහු ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ද කලක් සේවය කළේය. කොබ්බෑවල මහතාගේ අවසන් කටයුතු ඉකුත් දා කෝට්ටේ බැද්දගාන සුසාන භූමියේදී සිදු කෙරිණ.

 

 

Add new comment