නෙතට කඳුළක්

නොවැම්බර් 28, 2019

තම රංගනයෙන් ප්‍රේ්ෂකාගරයක් හඬවන්න පුළුවන් නම් එය එම නළුවගේ හෝ නිළියගේ ජයග්‍රහණයක්. ඒ ඔහුගේ හෝ ඇයගේ රංගනය හදවතටම දැනෙන්න ඉදිරිපත් කරලා තියෙන නිසා. එහෙම දැනෙන්න රඟපාලා ප්‍රේක්ෂකාගාරයක් සංවේදී කරන්නට නව පරපුරේ නිළියකට හැකියාව ලැබුණා. ඇය නිරංජනී ශන්මුගරාජා. නිරන්ජනී ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටයේ රඟපානවා. එහි අතුරුදන් වූ දියණියක සොයමින් යන මවක් හැටියටයි ඇයට එහි රඟපාන්න තිබුණේ. මේ සුනාමි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉකුත් දා ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ වන් ගෝල්ෆේස් සිනමා සංකීර්ණයේදී පැවැත් වුණා. එය නරඹලා බොහෝ දෙනෙක් නිරංජනීට ඇවිත් කිව්වෙ එකම එක වදන් පෙළයි. ඒ ‘ඔයා අපිව ඇඬෙව්වා’ කියලා.


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.