කාමරේ කොටු වෙලා

නොවැම්බර් 28, 2019

ජනප්‍රිය ගීත රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු සරසවියටත් සමීපයි. ඔහු මාධ්‍ය සම්බන්ධිකාරකවරයකු හැටියටත් කටයුතු කරනවා. මේ ඇන්ටන් ගැන නොලියම ඉන්න බැරි කතාවක් තියෙනවා. ඒක තමයි මේක. ඉකුත් සතියේ දින කිහිපයක් තිස්සේ ඇන්ටන් තම කාමරයෙන් එළියට බැහැලා නැහැ. කරන වැඩ කරලා තියෙන්නේ ෆෝන් එකෙන් සහ තැපැල් මඟින්. යාළුවො කතා කළත් කාමරයෙන් එළියට ඇවිත් නැහැ. මේක ඔහුගේ හිතවත් අයට හරි ප්‍රශ්නයක්. කරන්න තියෙන වැඩත් දවස් කිහිපයක් පහු කරලා.

ඇයි උඹට අසනීපයක්ද . . .

ඇන්ටන්ගේ ගෙටවිල්ල හිතාගන්න නොහැකි අය අහන්නේ බැරිම තැන.

මට මොන අසනීපයක්ද එහෙම එකක් නැහැ.

ඇන්ටන් එහෙම කියනවලු. අන්තිමේ යාළුවෙක්ම ඇන්ටන් නිවසින් එළියට නොබසින හේතුව සොයාගෙන. ඇන්ටන්ගේ ගෙදරට එන පාර හදිසියේම කොන්ක්‍රිට් කරලා. අනෙක් නිවැසියන්ට දැන්වුවත් ඇන්ටන්ට දැනගන්න ලැබිලා නැහැ. දිනෙක එළියට බහින්න හදද්දි තමයි ඇන්ටන්ට තරු පෙනිලා තියෙන්නේ. කොහොම හරි දින කිහිපයක් යනකම් ඇන්ටන් කාමරයෙන් එළියට ඇවිත් නැහැ. වෙන පාරකුත් නැතුව කොහේ යන්නද.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.