සිනහා නොවී

නොවැම්බර් 28, 2019

සුප්‍රසිද්ධ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය බාල දියණිය අමන්ද්‍යා උත්පලි කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. පියා මෙන් රංගනයෙන් නොව ඇය ගායනයෙන් තමයි ඉදිරියට යන්නේ. සහන් රන්වලගේ ජන ගී කණ්ඩායමේ ගායිකාවක විදිහට අමන්ද්‍යා සිය දස්කම් දක්වමින් සිටිනවා. ඔන්න දවසක් අමන්ද්‍යා නිවසේ ටී. වී. එකේ චැනල් මරු කර කර ඉන්න කොට තමන්ගෙ ප්‍රියතම චිත්‍රපටය තව ටික වේලාවකින් විකාශය වෙනවා කියලා ඇඩ් එකක් දැම්මලු. ඇය වහාම තම පියා අමතලා. ගිරිරාජ් දුවගෙන ආවට පස්සේ අමන්ද්‍යා ඔහුවත් ළඟින් වාඩි කර ගත්තේ ඒ චිත්‍රපටය බලන්න.

දුවගෙ ආසම චිත්‍රපටය තමනුත් බලනවා කියලා හිතාගෙන තමයි ගිරිරාජ් එතැන වාඩි වෙලා තියන්නේ. ටික වේලාවකින් චිත්‍රපටය ආරම්භ වෙලා. එතකොට තමයි ගිරාට නැගිටලා යන්න හිතිලා තියන්නේ. එවලේ විකාශය වෙලා තියෙන්නේ සිකුරු හතේ චිත්‍රපටය. ඒක ලියලා අධ්‍යක්ෂණය කළේ ගිරානෙ. සිය දහස් වාරයක් ඔහු ඒක නරඹලා ඇති. ආයෙ ඒක මොනවා නරඹන්නද. ඒ වුණත් තමන්ගේ සමීපතම රසිකාව එහෙමත් නැත්නම් දියණියත් එක්ක හිනා නොවීගෙන ගිරිරාජ් ආයෙමත් සිකුරු හතේ බැලුවලු.

 

 

Add new comment