යශ්රාජ් චිත්‍රපට සමාගමේ නවතම චිත්‍රපටය

දෙසැම්බර් 5, 2019

අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ යශ්රාජ් චිත්‍රපට සමාගමේ නවතම සිනමා නිර්මාණය මේ වන විට සකස් කිරීමට සැලසුම් කරමින් තිබෙනවා. මේ චිත්‍රපටය මේ සමාගමේ 50 වැනි චිත්‍රපටය බවටයි වාර්තා වන්නේ. මේ සිනමාපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන්නට එහි වර්තමාන හිමිකරු ආදිත්‍ය චොප්රා කටයුතු කරමින් සිටියි. ඔහු සිනමා නිළි රාණි මුඛර්ජිගේ සැමියා වේ. විශේෂත්වය වන්නේ මෙහි ප්‍රධාන චරිත සඳහා ශාරුක් ඛාන් සහ සල්මන් ඛාන් සිය කැමැත්ත පළ කර සිටීමයි. එමෙන්ම ප්‍රධාන නිළි චරිත සඳහා බොලිවුඩයේ සුපිරි නිළියන් කිහිප දෙනෙකු මේ සඳහා දායක කර ගැනීමට ආදිත්‍ය චොප්රා බලාපොරොත්තු වන බව වාර්තා වන අතර එම නිළියන් කවුරුන්ද යන වග තවමත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ නැහැ.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.