අනුෂ්කා - විරාත් කඳුකරයේ සංචාරයක

දෙසැම්බර් 5, 2019

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුශ්කා ෂර්මා කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරු යුවළක්. ඔවුන් පසුගිය දිනක කෙටි සංචාරයක් සඳහා භූතානයේ කඳුකරයට ගොස් තිබුණා. කාර්යබහුලත්වයෙන් මිදී සොබාදහමෙන් වට වූ සුන්දර කඳුකර ප්‍රදේශයක් තමයි ඔවුන් සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ. එය ත්‍රාසජනක අත්දැකීමක් වු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. සතියක් පුරා නිදහසේ ගත කළ නිවාඩුවේ සුන්දර ජායාරූප රැසකුත් විරාත් සිය ඉන්ස්ටග්‍රෑම්හි පළ කර තිබුණා. මෙහිදී ඔහු අනුෂ්කා ගැනත් සටහනක් තබන්න අමතක නම් කළේ නැහැ. “ ආදරය හැර වෙන කිසිවක් නොමැතිව ජීවන ගමනේ එකට ගමන් කිරීම කළ හැකියි.” යනුවෙන් ඔහු ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් ද එහි තබා තිබුණා.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.