විෂම භාග සිනමාහලට බෙදීම 16 වැනිදා

දෙසැම්බර් 5, 2019

 

අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ විෂමභාග සිනමා පටය එළඹෙන 16 වැනිදා සිට තිරයට එන වග එහි අධ්‍යක්ෂ ලලිත් රත්නායක සරසවියට දන්වා සිටියි. එම සිනමාපටය ඉකුත්දා ගෝව නගරයේ පැවැත්වූ 50 වැනි ඉන්දීය අන්තර්ජාතික සිනමා උලෙළේදී තිරගතවූ අතර එහිදී නොමද විචාරක අවධානයට පාත්‍ර විය.

ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණි රත්නායක, පංසිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න ඇතුළු නළු නිළියෝ විෂමභාග රංගනයෙන් හැඩකරති. පාලිත පෙරේරා, කැමරා අධ්‍යක්ෂණයෙන් තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්, ශෂික රුවන් ශබ්ද පරිපාලනයෙන් වසන්ත පූර්ණවංශ අංගරචනයෙන් මෙයට එකතු වූහ. ප්‍රණීත ගුණරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. සම්පත් වන්නිනායක කලා අධ්‍යක්ෂවරයාය. පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විෂමභාග සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.