උළලේණි හෙට පියාඹයි

දෙසැම්බර් 5, 2019


රංගන ශිල්පියකු වශයෙන් ජනාදරයට පාත්‍ර වූ හේමන්ත ප්‍රසාද් සිනමා අධ්‍යක්ෂණයට පිවිස සිටියි. ඒ උළලේණිත් සමඟිනි. ඔහුගේ එම කුලුඳුල් සිනමා පටය මෙම මස 06 වැනිදා එනම් හෙට සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. සංජීව උපේන්ද්‍ර, ගයනි ගිසන්තිකා සහ චමීර ලියගේ උළලේණි රංගනයෙන් හැඩකරති.

කැමරා අධ්‍යක්ෂණය මයුර කාංචනගෙනි. රොෂාන් අමරසිංහ අංග රචනා ශිල්පියාය. චාමර නුගලියද්ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. සංස්කරණය තාරක බැද්දගේ විසින් සිදුකොට තිබේ. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, විධායක නිෂ්පාදකවරයාය. දිනේෂ් ජයශාන්තගේ කලා අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන කළමනාකරණය සහ සහාය අධ්‍යක්ෂණය ප්‍රගීත් ද සිල්වාගෙනි. උදේනි අල්විස් නිශ්චල ඡායාරූප ශිල්පියාය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.