මහාචාර්ය විනී විතාරණයෝ දැයෙන් සමුගනිති

දෙසැම්බර් 5, 2019

 

සිංහල බස මෙන්ම තවත් විෂයන් ගණනාවක ප්‍රාමාණිකයකු වූ මහාචාර්ය විනීවිතාරණයන් දැයෙන් සමුගනියි. මියයන විට ඔහුගේ වයස අවුරුදු අනු එකකි. 1928 ජුනි 02 උපත ලැබූ විනී විතාරණයෝ සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙනි. ඒ 1956 වසරේදීය.

ඉන් ඉක්බිති උපාධි කිහිපයකටම හිමිකම් කියූ හෙතෙම සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කතුවරයා ද විය. රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපතිවරයා වූයේ ද මහාචාර්ය විනී විතාරණයන්ය. මුවදෙවු දා වත, සසඳාවත, මයුර සන්දේශය ආදී මෙරට කෘතින් ගණනාවක්ම ඉංගී‍්‍රසියට පරිවර්තනය කරනු ලැබුවේ ඔහු විසිනි. විනී විතාරණයන්ගේ අවසන් කටයුතු 4 වැනිදා ඊයේ සවස බොරැල්ල සුසාන භූමියේ දී සිදුකෙරිණි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.