චිත්‍රපට ත්‍රිත්වයකින් කන්ගනා රනාවුත් යළිත් කරළියට

දෙසැම්බර් 5, 2019

බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් ලබන වසරේදී දැවැන්ත චිත්‍රපට නිර්මාණ ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමටයි සැලසුම් කර තිබෙන්නේ. පළමුව ජනවාරි 24 වැනි දින තිරගත වීමට නියමිත අශ්වින් අයිවර් තිවාරිගේ නිර්මාණයක් වන “ ර්‍ථචදඨච” චිත්‍රපටයේ කබඩි ක්‍රීඩිකාවකගේ චරිතයට ඇය රංගනයෙන් දායක වනු ලබනවා. දෙවනුව රංගන ශිල්පිනියක වූ ජයලලිතා ජයරාම් චරිතය පාදක කර ගනිමින් නිර්මාණය වන චරිතාපදාන චිත්‍රපටයෙහි ජයලලිතාගේ චරිතය නිරූපණය කරනු ලබනවා. “ඊඩචතචඪමඪ ” ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය ජුනි 26 වන දින භාෂා රැසකින් යුක්තව තිරගත වීමට නියමිතයි. අවසාන වශයෙන් කන්ගනා 2020 ඔක්තෝම්බර් මාසයේදී තිරගත වීමට සැලසුම් කර ඇති “ච්ඩචචඬචඤ” නම් ක්‍රියාදාම චිත්‍රපටයෙන් තම රංගන හැකියාව රසිකයින් අතරට ගෙන ඒමට අපේක්ෂාවෙන් සිටිනවා. මේ චිත්‍රපට ත්‍රිත්වය හේතුවෙන් කන්ගනා රනාවුත්ගේ සිනමා ප්‍රේක්ෂකයින්ට ලබන වසරේදී ඉස්තරම් චිත්‍රපට සංග්‍රහයක් ලැබෙනු ඇති බවටයි බොලිවුඩයෙන් දැනගන්නට ලැබෙන්නේ.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.