මේ දීපිකා පදුකෝන්ම ද?

දෙසැම්බර් 5, 2019

බොලිවුඩයේ ඉහළම සම්මාන ගණනාවක් දිනාගත් දීපිකා පදුකෝන් කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් ජනප්‍රිය නිළියක්. ඇය වෙනස්ම තේමාවක් රැගත් චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ “චපාක් ” චිත්‍රපටය ඔස්සේය. මේ චිත්‍රපටය ඇයගේම නිෂ්පාදනයක් වීම විශේෂත්වයක් වන අතර චපාක් අධ්‍යක්ෂණය මේග්නා ගුල්සාර් විසිනි. ඇසිඩ් ප්‍රහාරයකින් දිවි ගලවාගත් ලක්ෂ්මී අගර්වාලීගේ ජීවිතය පදනම් කරගනිමින් එය නිර්මාණය වී තිබෙනවා. මේ චරිතය නිසා සුරූපී දීපිකාගේ මුහුණේ පෙනුම අදහාගත නොහැකි පරිදි වෙනස්කොට තිබෙනවා. ලබන වසරේ ජනවාරි 10 වැනි දිනට එය තිරගත වීමට නියමිතයි. චපාක් චිත්‍රපටය කාන්තාවක් මූලික කරගනිමින් නිර්මාණය වී ඇති නිසා සිනමාලෝලීන්ට වෙනස්ම සිනමා අත්දැකීමක් ලබා දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය විශ්වාසය පළකර සිටිනවා.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.