රටේ අගය දැනී

දෙසැම්බර් 5, 2019

තමන්ගේ රටේ අගය දැනෙන්නේ වෙනත් රටකට ගියාම. අපේකම අපි එකිනෙකා කෙරෙහි ඇති ළෙංගතුකම සහ අපේ රටේ කොතැනක ගියත් නොදැනෙන පාළුව කොතරම් ද කියලා විදෙස් රටක සංචාරය කළොත් ඔබට දැනේවි. එහෙම ගමනකදි කරදරයකට මුහුපාන්නට සිදු වුණොත් ඒ අගය දෙගුණ තෙගුණ වෙනවා. එහෙම අත්දැකීමකට මුහුණ දුන්නා ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි. ඇගේ සැමියා පදිංචි වෙලා ඉන්නේ නෙදර්ලන්තයේ. ලෝචනා එහෙට ගිහින් ප්‍රංශයට ගියේ නිවාඩුවක් ගත කරන්න. ඒ රටේදී ඇය ගමන් කළ වාහනය තැනක නවත්වා තියෙද්දි මංකාල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වෙලා. වටිනා කියන බඩු බාහිරාදිය රාශියක් ඔවුන් හොරකම් කරලා. ඇයට දුකක් භීතියක් දැනිලා. ලෝචනාට මඳක් හෝ සතුටක් තියෙන්නේ ජීවිතේට හානියක් නොවුණු නිසා. කෙසේ හෝ මේ සිද්ධිය නිසා ඇයට අපේ රටේ අගය දැනිලා. ඒවගේම අපේ රටේ නම් මේ වගේ දරුණු අන්දමට සොරකම් කරන්නේ නැහැනෙ කියලත් හිතිලා. කොහොම හරි ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ හිතේ දුකකුත් තියාගෙන.

ප්‍රසාද් සමරතුංග 
නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.