බොරු ලෙඩ

දෙසැම්බර් 5, 2019

නීලපබළු අභිමන් අසනීප වෙලාද? අභිමන්ට ආදරය කරන රසික රසිකාවන් එහෙම කල්පනා කරනවා. ඉකුත් දවසක මුහුණු පොතට එක්කාසු කරලා තිබුණු ඡායාරූපය තමයි ඊට හේතුව. නීල පබළු අභිමන් ලෙස රඟපාන්නේ ජනප්‍රිය නළු සුමිරන් ගුණසේකර. ඉකුත් සුමති උලෙළේ ජනප්‍රියම නළුවා වුණෙත් මේ සුමිරන් තමයි. ඔහු අසනීපව රෝහල් ගත කර ඉන්නා සේයාරුවක් අන්තර් ජාලයේ සැරිසරනවා. මේ ඇත්තට ද එහෙමත් නැතිනම් රූපගත කිරීමකදී ගත්තු සේයාරුවක් ද කියලා හිතාගන්න අමාරුයි. මොකද නීල පබළු අධ්‍යක්ෂතුමා පවා සුමිරන්ට ඉක්මන් සුවය පතලා තිබුණා මුහුණු පොතෙන්. මේ නිසා සුමිරන්ගේ ෆෝන් එකටත් නිවනක් නැතිලු. ඒ සේයාරුව රූප ගත කිරීමකදී ගත්තු එකක් කියලා අපට නීලපබළු ටීම් එකෙන් දැන්වූවා. සුමරන් ඉස්පිරිතාලෙ හිටියෙ මෙන්න මෙහෙමලු.

ප්‍රසාද් සමරතුංග 
නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.