මුදලාලිම ගන්න

දෙසැම්බර් 5, 2019

ජනප්‍ර‍්‍රිය නිළි රුක්ෂානා දිසානායක කඩයකට ගිහින් බඩු වගයක් ගන්න. ඉතුරු සල්ලි දෙන්න මුදලාලි ගාව මාරු කාසි නැතිලු.

මිස් ඉතුරු දෙන්න රුපියල් දහයක් නැහැනෙ. ටොෆි දෙන්නද.

ටොෆි කෑමේ ආසාවෙන් රුක්ෂානා දැන් ටොෆි බෝතල් දිහා බලනවලු.

එක බෝතලයක් ගාව හිත නැවතිලා.

මෙන්න මේකෙන් ටොෆි දෙන්නකො ඉතුරුවයේ . . .

මුදලාලි බෝතලයට අත දාලා ටොෆියක් අරන් රුක්ෂානාට දීලා.

එකක්?

ඔව් මිස්. ඔය ටොෆියක් රුපියල් දහයයි. ඉස්සර තමයි රුපියලට දෙකට ටොෆි තිබුණෙ. දැන් පහයි. ඔය ටොෆිය දහයයි. මුදලාලි කියලා.

පෙනුමෙ හැටියට මං හිතුවෙ මේක රුපියල් දෙකක් විතර ඇති කියලා. මුදලාලිම මේක තියාගන්න.

රුක්ෂානා එහෙම කියලා ටොෆියත් බෝතලය උඩින් තියලා යන්න ගියාලු.

ප්‍රසාද් සමරතුංග 
නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

Comments

Asoka Liyanage (තහවුරු වී නොමැත)
මාරම NEWS එකක්. ඇති ශ්‍රේෂ්ට මාධ්‍ය වෙදියන්ගේ පුවත්. මේ පුවත් පත් බලනවාට අපිටම ගහ ගන්න ඔනී.
බ්‍රහස්‌, 12/12/2019 - 06:57

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.