ආදරණීය නිහාල් මතක සැමරුම

දෙසැම්බර් 5, 2019

 

ජීවිත ගෙත්තම එක ළඟ ළඟ සුදෝ සුදු දීප්තියෙන් එළිය වැටුණක් නොවේ. ඒ තුළ තැනින් තැන අඳුරු කළු පැහැයන් ද තැවරේ. එහෙත් නිහාල් සිල්වා ජීවන වියමන ඊට තරමක් වෙනස්. විශේෂයෙන් ඔහුගේ කලා ලොව සක්මනින් ඒ වග කැපී පෙනේ. ඒ මඟේ දීප්තිය දැල් වී තිබුණේ අහුමුලුවලය. ඒ එළිය කරා ළඟා වන්නට නම් ගෙවා දැමිය යුතුව තිබුණේ අඳුරු කර්කශ. වෙහෙසකර මඟක්. ඉඳින් කම්කටොලු මැදින් කලා ලොව දිනූ අතළොස්සෙන් කෙනකු නිසාම නොවෙයි. තමන් සිතූ පැතූ ලෝකය දකින්නට කලින් දෑස් පියවුණු සොඳුර සිතැත්තෙක් ලෙසින් අද ඔහු පිළිබඳ කතාබහට ලක්වේ.

නිහාල්ට ළබැඳි කොළඹ සුදර්ශියේ පිරිවර මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව සමඟ අත්වැල් බැඳ ගනිමින් ‘ආදරණීය නිහාල් 30 වසරක මතක සැමරුම්’ උපහාර උලෙළ එළැඹෙන 7 වැනිදා සවස 5 ට කොළඹ සිංහල සංස්කෘතික ආයතනයේ නුගරුක අසල වේදිකාවේදී පැවැත්වේ.

ධර්මජිත් පුනර්ජීව

එදින ‘ආදරණීය නිහාල්’ ග්‍රන්ථය ආචාර්ය ධර්මජිත් පුනර්ජීවගේ සංස්කරණයක් වශයෙන එළි දකිනවා. ඉන් අනතුරුව ආචාර්ය ධර්මජිත් පුනර්ජීව සහ මංජු කාරියවසම් ඇතුළු පිරිස විසින් සැකසූ ‘නිහාල් සිල්වා නමැති නළුවාගේ නැඟීම හා බිඳ වැටීම‘ වාර්තා චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරෙනවා. ජයන්ත චන්ද්‍රසිරි සහ ජැක්සන් ඇන්තනි නිහාල් සිල්වා මතකාවර්ජනයේ යෙදෙන එදින උපහාර උලෙළ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නාට්‍ය කණ්ඩායමේ ප්‍රාසංගික අංගවලින් හැඩවීමට නියමිතයි. එදිනට සියලුම නිහාල් සිල්වා රසකාමීන්ට එක් රොක් වන්නැයි සංවිධායක මණ්ඩලය විවෘතව ආරාධනා කර සිටිනවා.

 

 

 

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Viagra Bestellen Serios Buy Cialis Acheter Levitra Bayer Buy Cialis Mifepristone Et Misoprostol Prix
සෙන, 03/14/2020 - 06:39

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.