26 දා සුනාමි අවිනිශ්චිතයි?

දෙසැම්බර් 12, 2019

 

මේ මස 26 වැනිදා තිරගතවීමට නියමිතව තිබූ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සුනාමි චිත්‍රපටය එදිනට තිරගත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක හා එහි නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සරසවියට පවසා සිටිති. මීට වසරකටත් පෙරාතුව ඊ. ඒ. පී.සැවෝයි මණ්ඩලය ප්‍රධාන කොට තිරගත කිරීමට ගිවිසුම් ගත කොට තිබූ සුනාමි චිත්‍රපටය යොදා ගෙන තිබූ දෙසැම්බර් 26 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබුණ ද මෙම මණ්ඩලයේ එළඹෙන 16 වැනිදා ලලිත් රත්නායකගේ විෂමභාග චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය. මේ වන තුරු ඊ. ඒ. පී. සැවෝයි මණ්ඩලයේ තිරගත වූ මහේෂ් මුණසිංහගේ රෂ් චිත්‍රපටයෙන් පසු මෙම මණ්ඩලයේ සුනාමි තිරගතවීමට නියමිතව තිබුණ ද රෂ් චිත්‍රපට කණ්ඩායම හා විෂමභාග චිත්‍රපට කණ්ඩායම අතර ඇති කරගත් දර්ශන වාර බෙදා ගැනීමක් මත මෙම අවිනිශ්චිත තත්ත්වය උදා වී ඇතැයි සෝමරත්නයන් පවසා සිටී.

ඊ. ඒ. පී. මණ්ඩලය සමඟ චිත්‍රපටය තිරගත කිරීම පිළිබඳ ගිවිසුම් ගතවීමේදී යම් අයුරකින් සුනාමි චිත්‍රපටය තිරගත කිරීමට නියමිත දෙසැම්බර් 26 වැනිදාට පෙර මණ්ඩලයේ තිරගත වන චිත්‍රපටය නියමිත දිනට පෙර තිරගත වීම අවසන් වුව ද යොදා ගත් පරිදි 26 වැනි දින හැරුණු කොට ඊට කලින් කිසිසේත්ම සුනාමි චිත්‍රපටය තිරගත නොකිරීමට ද ගිවිසුම් ප්‍රකාරව කටයුතු කර තිබුණි.

කිසිදු අයුරකින් පෙර දැනුම්වත් කිරිමකින් තොරව විෂමභාග චිත්‍රපට කණ්ඩායම මේ අයුරින් එළඹෙන 16 වැනිදා තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමත් සමඟ තමන් සැලසුම් කර තිබූ සියලු සැලසුම්ගත වැඩ පිළිවෙළ කඩාකප්පල් වන අතරම මේ වන විට තමන් වටා බලාපොරොත්තු සහගතව සුනාමි චිත්‍රපටය නැරැඹීමේ අපේක්ෂාවෙන් පසු වූ අති විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවකගේ බලාපොරොත්තු සුන්වන තත්ත්වයක් ඇති වී ඇතැයි ද සෝමරත්නයන් පවසා සිටී.

සුනාමි 26 වැනිදා ඇරඹීමත් සමඟ දැනට තිරගත වන චිත්‍රපටය නවතාලන්නට සිදුවන හෙයින් එවැන්නක් සිදු වුවහොත් එහි චෝදනාත්මක බව සෘජුවම තමන් වෙත එල්ල වන බව ද සෝමරත්නයන් පවසා සිටී.

ප්‍රදර්ශනය වීමක් කිසිසේත්ම සැලසුම් සහගතව නොතිබී හදිසියේම විෂමභාග තිරගත වීම මෙම ආරවුලට ප්‍රධාන හේතුව වී තිබේ යයි ආචාර්ය සෝමරත්න දිසානායක පවසයි.

චන්දන 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.