පිය සෙනෙහස ගැන අපූර්ව ගීතයක්

දෙසැම්බර් 12, 2019

මගෙ දුවේ ගීතයේ පද මාලාව

තරුවක දිලෙන අගේ දැනුණේ පෑයු අහසේ
තිබුණු දිනේ නොව ඈතින් වූ දවසේ
අහසක ගැඹුර වගේ තිබුණේ පියකුගෙ සෙනෙහේ
අපෙ තරුව දුරස් වී යළි පෑයූ දවසේ
සිනහව තියාලා මා දුක වසාලා
ඉවසා හිඳිමි දුවේ
මගේ උයන් තෙරෙහි තිබෙනා
එකම මලයි දෝණිය සතු මා
නෙලා දෝතකින් නුඹ ඔහු හා
අරන් යන්නෙ අභිමානය පා
පහන වගේ අඳුරු හිතේ පායලා එදා
තිබුණු නුඹේ එළිය අපේ ලොවම හැඩ කළා
අදින් දුවේ නුඹේ ලොවේ එළිය විහිදලා
සමන් මලේ පිපෙනු නුඹේ සුවඳ පතුරලා
දවසක දැනෙයි මගෙ දුවේ
පියෙකුට අගෙයි ලොව වගේ
මගේ උයන් තෙරෙහි . . .
පිපුණු විලේ සුවඳ මලේ සුවඳ තවරලා
ආදරයේ කිරුළ අපේ හිස මත තබලා
ගෙනා සතුට ජීවිතයට මහෝඝය වෙලා
බලා හිඳමි නුඹේ සතුට කිරුළ දරන දා
දවසක දැනෙයි මගෙ දුවේ
පියෙකුට අගෙයි ලොව වගේ
මගේ උයන් තෙරෙහි . . .



දුවෙක කියන්නේ පවුලකට වාසනාවක් කියලයි අපේ පැරැන්ණෝ නම් කීවේ. වාසනාවන්ත දියණියක් පවුලටම ආශිර්වාදයක්. දුවෙක් නිසා පිය පදවියට හිමිකම් කියූ අයකුට ඇය පේන්නේ රැජනක වගේ. පිය රජු ලෙස මා කිරුළු දරා රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා කියලා ගී පද ලිය වුණෙත් ඒ හින්දයි. එහෙම දෑස සේම සුරක්ෂා කරන දියණිය කවදා හරි පතිකුලයට යන්න දවසක් උදා වෙනවා. අන්න එදාට තමයි පියකුගේ හිත වාවන්නේ නැත්තේ. මේ අත්දැකීම අතිශය සංවේදජනකයි. එහෙයින් ඒ මොහොත අලළා ගීත නිර්මාණ ද සැරින් සැරේ බිහි වුණා.

දූ හිඳිද්දි පෝරුවේ පියෙක් බලා හිඳියි වැනි ජෝතිපාලයන් ගැයූ ගීත ඊට උදාහරණ සපයනවා. ඉකුත් දා අපට ඒ අදහස රැගත් ගීයක් රස විඳින්නට ලැබුණා. ප්‍රේම අඳෙීනා ඇහෙන මෙවන් වූ යුගයක තමයි ඒ ගීය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්නෙ. මගෙ දුවේ යනුවෙන් නම තබා ඇති එය ගයන්නේ වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය ජයන්ත විදානපතිරණ. සුදේශ් අත්තනායක තමයි ගීතයේ පද රචකයා. ශෙනාල් මද්දුමගේ සංගීතවත් කරලා තිබෙනවා. මගෙ දුවේ ගීිතයේ රූප රචනාව ඉකුත් දා එළි දැක්වුණා. එය පටිගත කළේ නුගේගොඩ ඇඹුල්දෙණියේ පිහිටි වෛද්‍ය විදානපතිරණගේ නිවසේ. කස්තුරි ජයවර්ධන, ශෙඔලි නෙතුල්යා, චන්දන රත්නායක යන නළු නිළියන් ඊට රංගනයෙන් දායක වුණා. ගීතයේ කැමරා අධ්‍යක්ෂණය සතිශ් චාමිකගෙන්. හිෂානි කරුණාරත්න අංග රචනයෙන් එකතු වුණා. වර්ණ සංයෝජනය සහ සංස්කරණය ශාන් අල්විස් විසින් සිදු කරනු ලැබුවා. මගෙ දුවේ වීඩියෝව ඩ්‍රීම් ක්‍රියේෂන් ටීම් ඉදිරිපත් කිරීමත්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.