ආයෙ කොහොම ගන්නද?

දෙසැම්බර් 12, 2019

 

කලාකරුවෝ බොහොමයක් සරසවිය පුවත්පතට බෙහෙවින් ළෙංගතුයි. ඒ හිතවත්කම නිසාම පැරැණි සරසවිය කලාපයන් ඉතාම සුරක්ෂිතව තබාගෙන සිටින කිහිප දෙනෙකු ඉන්නවා. රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි කලාකරුවත් එහෙම කෙනෙක්. දශක කිහිපයක සරසවිය කලාපයන් ඔහු සුරකින්නේ පණ වගේ. මේ කතාව ඒ පිළිබඳ සාක්ෂි සපයනවා.

අතුල පදිංචි වෙලා ඉන්නේ පූජනීය වූ අනුරපුර නගරයේ. නිර්මාණවලට එන්නෙත් එහෙ ඉඳලා. ඉකුත් දිනවලදී පැවති ධාරාණිපාත වරුසාව නිසා අවට ඇල මාර්ගයන් කිහිපයක් උතුරා ගිහින් අතුලගෙ නිවසටත් ක්‍රමයෙන් ජලය ගලාගෙන ඇවිල්ලා. මෙහෙම අඟලෙන් අඟල ජල ප්‍රමාණය ඉහළ යද්දී අතුල පළමුවෙන්ම සුරක්ෂිත තැනක තබන්න ඕන කියලා මතක් වෙලා තියෙන්නේ සරසවිය පත්තර ටික. ඒවා උස් තැනක පරිස්සමට තියලා ඊට පසුවයි අනෙක් බඩු භාණ්ඩ ටික අරන් තියලා තියෙන්නේ.

අනෙක් දේවල් සල්ලිවලට ගන්න පුළුවන්කම තිබුණට සරසවිය කොහොම ගන්න ද කියලා අතුල අහනවා.

 

Add new comment