විෂමභාග මංගල දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්

දෙසැම්බර් 19, 2019

අන්තර්ජාතික සම්මාන උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ විෂමභාග සිනමාපටයේ මංගල දැක්ම ඉකුත් ඉරිදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී පැවැත්විණි. මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. එදින ජනපතිතුමන් අතින් විෂමභාග වැනි ළමා සිනමාපටයක් නිර්මාණය වෙනුවෙන් අධ්‍යක්ෂ නිෂ්පාදක ඇතුළු චිත්‍රපටයේ පිරිවරට සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුවිය. විෂමභාග ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් විසිනි.

 

Add new comment