ජනවාරියේ අනෝරා එයි

දෙසැම්බර් 19, 2019

 

හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ‘අනෝරා’ සිනමාපටය 2020 ජනවාරි මස තිරගත කිරීමට සූදානමින් සිටී.

ඩබ්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, විජයරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, දයාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, ආචාර්ය අංජලී මිශ්‍රා, සුදර්ශන බණ්ඩාර, එම්. ජී. දනුෂ්ක, හෙක්ටර් බෙත්මගේ, ෆර්නි රෝෂිණී, උදය කුමාරි, නිල්වලා විශ්වමාලි, ළහිරු පෙරේරා, දිනේෂ් මුදලිගේ, ක්‍රිෂ් ඊෂාන්, විෂ් තෝෂාන්, ජනිදු පහන්ජිත්, කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන්, මේනකා ගාර්දීන් සමඟ චරිත නිරූපණය කරති.

දොන් ප්‍රේමදාස, සරත් පොඩි නිලමේ, පුලස්ථි බෙත්මගේ, ප්‍රියන්ත කළුආරච්චි, සහාය නිෂ්පාදනයෙන් ද, සුනිල් දිසානායක නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද දායක වූ සීමිත මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසු යයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතික ලත් වාණිජ ගණයට අයත් චිත්‍රපටයක් ලෙස සිනමා ශාලාවල ආරම්භක වටයේ ප්‍රදර්ශනයට සුදුසු යයි චිත්‍රපට සංස්ථාවේ වර්ගීකරණයට පාත්‍ර වූ ‘අමෝරා’ සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සුදේශ් කපිල විජේසේකරගෙනි. සහාය අධ්‍යක්ෂණය රුවන් බණ්ඩාර හා රංජිත් යාපා ද අල්විස්ගෙන් ද, වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩගෙන් ද, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චිගෙන් ද, ශබ්ද මිශ්‍රණය රංග දසනායකගෙන් ද සිදු වූ අතර අංග රචනය සිරිනාථ වික්‍රමසිංහගෙනි. ක්‍රිස් වික්‍රමසිංහ විධායක නිෂ්පාදකවරයාය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.