රයිගම් 16 මාර්තුවේ

දෙසැම්බර් 19, 2019

 

දහසය වැනි රයිගම් සම්මාන උලෙළ එළඹෙන මාර්තු මස 21 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙන බව එහි සංවිධායක කමිටුව දන්වා සිටියි. මෙයට පූර්වගාමීව නිර්දේශිත නාම එළිදැක්වීම පෙබරවාරි මස 28 වැනදා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

උලෙළේ මෙවර තේමාව නිදහසේ 16 යන්නයි. උලෙළ සඳහා අයැදුම්පත් සහ නිර්මාණ බාර ගැනීම මේ වන විට ආරම්භව තිබේ. නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේ්ක්ෂිත නිර්මාණකරුවන් 0707061976/508/606 යන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.