ලයිව් ඉන් කොන්සර්ට්

දෙසැම්බර් 19, 2019

 

පේෂල මනෝජ් ජනාදරයට පත් වුණේ දෙරණ චැම්පියන් ස්ටාර් හරහා. පළමුව එම නාළිකාවේ වෙනත් තරගාවලියක විනිශ්චයකරුවකු ලෙස සහභාගි වී පසුව නිවේදන කටයුතුවල නියැළුණත් පේෂල විධිමත් අන්දමින් සංගීතය හැදෑරූ කෙනෙක්. ඔහු තබ්ලා විශාරදයකු ද වෙනවා. නිවේදකයකු හැටියට වෙනම නමක් ගොඩ නගා ගත් පේෂල සමහරුන්ගේ විවේචනයට පවා බඳුන් වූයේ පේෂල ටිකක් ඕවර් යනවා කියලයි. කෙසේ වෙතත් සංගීතය පැත්තෙන් මිනිහා දක්ෂයා. මේ දස්කම් එක්තැන් කර ගනිමින් සමස්ත ජනකායක් පිනවන්නට පේෂල සූදානම් වනවා.

ඒ ප්‍රසංගයක් තුළින්. පේෂල ලයිව් ඉන් කොන්සර්ට් ලෙසට නම් කළ එය පැවැත්වෙන්නේ මෙම මස 21 වැනිදා කොළඹ බිෂොප් විදුහලේ ශ්‍රවණාගාරයේදී. ක්ලැසික් මියුසික් සහ ෆියුෂන් මියුසික්වලට ළැදි කොයි කාටත් පේෂල ඇරැයුම් කරනවා මේ ප්‍රසංගය නරඹන්න එන්න කියලා. ඔහුගේ ආදරණීය ගුරුවරුන් වන උස්තාස් ඉල්මාස්, හුසේන් ඛාන් සහ සිතාර් වාදක ශකීර් ඛාන් මේ සඳහා සහභාගීවීමට නියමිතයි. සංගීතවේදී මහේෂ් දෙනිපිටිය සහ ප්‍රවීණ කලාකරු රවිබන්ධු විද්‍යාපති ද ප්‍රසංගයේ අංග කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Add new comment