මේ වඩුවා කොයින්දෝ

දෙසැම්බර් 19, 2019

 

මේක මේ ටිකක් පරණ කතාවක්. කතාවේ නායකයා ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ. මෙහෙම දෙයක් වුණා කියා මිනිහාවත් තවම දන්නේ නැතුව ඇති. කතාව අප්‍රසිද්ධ නිසයි ලියන්න හිතුණේ. හර්ෂණ ගියා අගලවත්ත පැත්තේ. ඔහුට තිබුණා වඩු වැඩ කරන තරණයකු හැටියට රඟපාන්න. ඔහු ඉස්කුරුප්පු නියනක් එහෙම අරගෙන දොරක් සවි කරන දර්ශනයක් තිබුණා. ඔහුට ටිකක් එහායින් තමයි කැමරාව තියෙන්නේ. ඒ රංගනය කරන අතරතුරදි කතාවේ හැටියට පෙම්වතිය ඇවිත් කෑම පිඟානක් දෙනවා. මොවුන් මේ කරන රංගනය දිහා දුර ඉඳන් කෙනෙක් බලාගෙන හිටියා. මං හිතන්නේ ඒ ගමේ මැද වයසේ කෙනෙක්. ඔහු දැක්කෙ නැහැ කැමරාවක් තියෙනවා කියලා. ටික වේලාවක් ගිය තැන අර පුද්ගලයා ළඟ හිටපු නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙකුට ළං වෙලා හර්ෂණ පෙන්නලා මෙහෙම අහනවා.

මහත්තයා අර වඩුව කොහෙද . . . ළඟ පාතද . . .

වඩුවෙක් නෙවෙයි ඒ නළුවෙක්.

නිෂ්පාදන කණඩායමේ කෙනා කීවේ හිනාව නවත්තගන්න බැරුව.

පිස්සුද මහත්තයෝ නළුවො කොහෙද වඩු වැඩ කරන්නේ . . . කියන්නකො මහත්තයෝ මේ වඩුවා කොහෙද කියලා. මට කැඩිච්ච පුටු ටිකක් තියෙනවා හදාගන්න.

මේ වඩුවෙක් නෙවෙයි නළුවෙක්. ඇයි මීට කලින් මූණ දැකලා නැද්ද?

නිෂ්පාදන කණ්ඩායමේ කෙනා බැරිම තැන කිව්වා.

බොරු කියන්න එපා අපට වැඩක් කරගන්න ගියාම තමයි වඩුවො නැත්තේ. ඔය මොන නළුවෙක්ද. ඔය වඩුවෙක්. මං හොයා ගන්නම්කෝ වඩුවා කොහේද ඉන්නේ කියලා.

අර පුද්ගලයා බැන බැන යන්න ගියාලු. වඩුවයි නළුවයි මාරු වෙච්ච එක ගැන අදටත් හර්ෂණ දන්නේ නැතිලු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.