සරසවියට දඩ කොළයක්

දෙසැම්බර් 19, 2019

 

ඉකුත් සතියේ සරසවිය පුවතපතට දඩ කොළයක් එවා තිබිණ. එහෙත් එය යොමු කොට තිබුණේ පොලීසියකින් නම් නොවේ. දඩ කොළයේ වරද කළ තැනැත්තා හැටියට අප කතුතුමන්ගේ නම සඳහන් කොට තිබිණ. එය එවීමට හේතුව අපි ඊළඟට බැලුවෙමු.

සහස්පුර ගුවන් පාලම මත වැරැදි අන්දමින් යූ ටර්න් එකක් ගැසීම යනුවෙන් එහි වරද ලියා ඇත. අප දන්නා පරිදි අපේ කතුතුමන් එවන් වූ වරදක් කොට නැත. වැඩිදුර සොයා බැලීමේදී ක්ෂේත්‍රයේ දන්න කියන සිය ගණනකට එම දඩ කොළය ලැබී තිබේ. ඔවුන් සියල්ලන්ටම එම දඩය ගෙවීමට පැමිණෙන ලෙස දන්වා තිබුණේ දහතුන් වැනි සිකුරාදා සවස 6.30 ට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයටය.

මෙම දඩ කොළය ඇත්ත දඩ කොළයක් නොව යූ ටර්න් සිනමාපටයේ මංගල දර්ශනය සඳහා නිමවා තිබූ ආරාධනා පත්‍රයය. කවදත් වෙනස් අන්දමින් සිතන පතන සීමාසහිත මහරාජා සමාගම තමන්ගේ නවතම සිනමාපටය වූ යූ ටර්න් චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹීමට එන ආරාධිතයින්ට මෙම ආරාධනා පත බෙදා තිබිණ. සමහරු වැඩිදුර නොකියවා දඩ කොළ ආරාධනාව දැක කලබලයට ද පත්ව ඇති බව අපට පසුව ආරංචි විය. කෙසේ වෙතත් ඒ අදහස නම් සුපිරි බව නොකියාම බැරිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.