සරසවිය සම්මාන දිනූ තිදෙනකුගේ එකතුවක්

දෙසැම්බර් 19, 2019

සරසවිය සම්මාන දිනූවන් තිදෙනකු නිපදවූ සිනමාපටයක විශේෂ දැක්මක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ද නිවුස් පේපර් ලෙසට නම තැබූ එම සිනමාපටය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ එච්. ඩි. ප්‍රේමසිරිගේ සහ රවීන්ද්‍ර ගුරුගේ ගේ නිෂ්පාදනයකි.

සම්මානනීය චරිතාංග රංගන ශිල්පීන් දෙදෙනෙකු විසින් එම සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබීමද විශේෂත්වයකි. සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර ඔවුන් දෙපළයි. මෙහි තිරරචනයද ඔවුන් දෙදෙනාගේය.

ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, පුබුදු චතුරංග, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, දයාදේව එදිරිසිංහ, මාෂි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, දිමුතු චින්තක, වසන්ත මොරගෙඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

චන්දන ජයසිංහ කුමාර කැමරා අධ්‍යක්ෂණයෙන්, රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්ෂණයෙන්, අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණයෙන් ද නිවුස් පේපර් සඳහා එක්ව සිටිති. ගයත්‍රි කේමදාස සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණයෙනි. ප්‍රේමලාල් ලියනගේගේ අංග රචනයකි. සුජීව කරුණාරත්න නිෂ්පාදන කළමනාකරුය. දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් එක් විය. අරුණප්‍රියන්ත කළුආරච්චිගේ ශබ්ද පරිපාලනයකි. ද නිවුස් පේපර් ළඟදීම තිරගතවීමට නියමිතය.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.