ෂර්ලි වෛජයන්තගේ ප්‍රධානත්වයෙන් යොවුන් ගී මතක මංසල

දෙසැම්බර් 19, 2019
 
යොවුන් ගී මතක මංසල  ගීතමය ප්‍රසංගය මෙම මස 24 වැනිදා සවස  මහරගම යොවුන් රඟහලේදී පැවත්වේ. මෙහි විශේෂ ආරාධිතයා ලෙස බෙල්වුඩ්  සංගීත නිකේතනයේ ආරම්භක සංගීත උපදේශක විශාරද  ෂර්ලි වෛජයන්ත  සහභාගි වනු ඇත. චන්ද්‍රසේන හෙට්ටිිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්දන ලියනාරච්ච්,  විජේබණ්ඩාර වැලිතුඩුව, මාධව ඉඳිකැටිය, චන්ද්‍රලේඛා පෙරේරා සහ ශාන්ත ජයලත් තිසේරා සමඟ ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් යොවුන් ගී කණ්ඩායමෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි  ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීතවත් වේ. සංගීතය මෙහෙයවීම  නුවන් සමරසිංහ ප්‍රමුඛ යූත් එක්ස්ට්‍රීම්  සංගීත කණ්ඩායමෙනි. සේනක උභයසිංහ නිවේදනයෙන් දායක වේ. නර්ථන වින්‍යාසය  ජාතික තරුණසේවා නර්ථන කණ්ඩායමෙනි.

Add new comment