‘සන්ධ්‍යා තීර්ථය’ තුන්වැනි මුද්‍රණය එළිදකී

දෙසැම්බර් 19, 2019

ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත සත්වන කාව්‍ය සංග්‍රහය වන සන්ධ්‍යා තීර්ථය කාව්‍ය කෘතියේ තුන්වන මුද්‍රණය පසුගිය දින ජනගත කෙරිණි. එම කෘතිය 2010 වර්ෂයේ විශිෂ්ටතම කාව්‍ය කෘතිය ලෙස විද්‍යෝදය සම්මානයෙන් පිදුම් ලැබීය. මෙයට පෙර ජනගක වූ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ බිය නොවන් අයියණ්ඩි, වස්සානය, සුබ උදෑසන, සල්ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය කෘතිවල දී මෙන්ම කවියා ඉතා සියුම් ලෙස මානවවාදී ඇසකින් මෙම ජනසමාජය දෙස යොමු කළ දෘෂ්ටිය මෙම කෘතිය තුළ ද මනාව කැපී පෙනෙයි.

-------------

සිටි සිනමාහල කොච්චිකඩේ 20 දා විවෘත වේ

 

සිටි සිනමා නමින් නවතම සිනමා ශාලාවක් මෙම මස 20 වැනිදා මීගමුව කොච්චිකඩේදී විවෘත විය. කොච්චිකඩේ හලාවත මාර්ගයේ පිහිටි කේ.කේ ප්ලාසා ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ මෙම සිනමා ශාලාව විවෘත වේ. ග්ලෝබල් මෙෂ් සොලියුෂන් පුද්ගලික සමාගමේ පාලනය යටතේ පවතින මෙහි සී ඊ එල් මණ්ඩලයේ චිත්‍රපට ප්‍රදර්ශනය වීමට නියමිතය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.