මධුරි ලංකාවට ඇවිත්

දෙසැම්බර් 26, 2019

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය රංග ශිල්පිණියක වන මධුරි ඩික්සිත් මෙරට සංචාරයකට එක්ව ඇතිවග වාර්තා වේ. ඒ ඇගේ විවාහ දිවියේ විසි වසර සැමරීම නිමිති කර ගනිමිනි. මධුරි සමඟ ඇගේ සැමියා ද මෙම සංචාරයට එක්ව සිටියි. ඔවුන් උඩවලව, නුවර සහ රත්නපුර ආදී ප්‍රදේශයන්හි රිසි සේ ඇවිදිමින් මෙරට සිරිය උපරිමයෙන් විඳ ඇති බවට අන්තර් ජාලයේ සඳහන් වේ. පාස්කු දින ප්‍රහාරයෙන් පසුව මෙවැනි ජනප්‍රිය තාරකාවක් තම විවාහ දිවියේ විසි වසර සැමරීමට ලංකාවට පැමිණ සිටීම මෙරට සංචාරක කර්මාන්තයට හොඳ ප්‍රවර්ධනයක් බව අපි මෙහිදී සඳහන් කරන්නෙමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.