ගාමිණී වේරගමට සංජනනී හරසර සම්මානය

දෙසැම්බර් 26, 2019

ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සංජනනී හරසර සම්මානයෙන් පිදුම් ලබයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය මඟින් මෙම සම්මානය ඔහුට පිරිනමන ලදී. සිනමා විචාරකයකු වශයෙන් ඉතා දිගු කලක් කටයුතු කළ වේරගම මහතා බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද සිය දැනුම බෙදාහරිමින් සිටියි. සරසවිය සම්මාන උලෙළේ ජූරි සභාවේ සභාපතිවරයා ලෙස අවස්ථා කිහිපයකදී ඔහු සිය දායකත්වය සපයන ලදී.

 

 

Add new comment