සිරි කහවලට කලා භූෂණ සම්මානය

දෙසැම්බර් 26, 2019

කලාකරුවනට වඩාත් ළෙංගතු චරිතයක් වූ සිරි කහවල කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි. සිනමා මාධ්‍යවේදියෙකු, තිර කතා රචකයකු මෙන්ම කලා ලොවේ ඉසව් ගණනාවක් ස්පර්ශ කළ ජ්‍යේෂ්ඨයකු වන ඔහු කලාකරුවන්ගේ උපන් දින සුබපැතුම්කරු ලෙස ඉමහත් ජනප්‍රියතාවයක් ලබා සිටියි. බොහෝ කලාකරුවන්ගේ උපන්දිනය දා හිමිදිරියේම දුරකතන ඇමතුමක් දී පළමුවෙන්ම සුබ පතන්නේ සිරි කහවලය. කලක් සරසවිය පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු වත්මනෙහි සරසවිය ඇතුළු පුවත්පත් කිහිපයකට කලාකරුවන්ගේ උපන් දින සහ සැමරුම් ලබාදීම සිදු කරයි.

 

Add new comment