සිසු පඬුරු

දෙසැම්බර් 26, 2019

සාමාන්‍යයෙන් ගෝලයෙක් තමයි ගුරුවරයකුට තෑගි බෝග දෙන්නේ. ඒවට කියන්නේ ගුරු පඬුරු කියලා. හොඳ ගුරුවරයකු ගෝලයො දහස් ගණනක් බිහි කරනවා. හැබැයි හරි ගුරුවරයෙක් ගුරු පඬුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගෝලයො තමයි හදවතින්ම එම ගෞරවයට නිතැතින්ම ඒවා පිරිනමන්නේ. හැබැයි ඒකේ අනෙක් පැත්ත වුණොත් කොහොමද. ගුරුවරයෙක් විසින් තමන්ගේ ගෝලයකුට තුඩු පඬුරක් දුන්නොත්. එහෙම සිද්ධියක් ඉකුත් දා අප දෑසින්ම දැක්කා. මේ ගුරුවරයා තම ගෝලයට දුන්නේ එසේ මෙසේ තෑග්ගක් නම් නෙවෙයි. ගෝලයට ගුරාගෙන් හිමි වුණේ චිත්‍රපටයක්. ඒක අති විරල තෑග්ගක්. මේ ගුරුවරයා ආචාර්ය බන්දුල ගුණවර්ධන. ගෝලයා තමයි සරත් කොතලාවල. ඔහු අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වූ ද නිවුස් පේපර් නිෂ්පාදනය කළේ ඔහුගේ ගුරුවරයා වූ බන්දුලයන්. ගෝලයෝ ගුරුවරයා කෙරෙහි තබාගත් විශ්වාසය වගේම විශ්වාසයක් මේ ගුරුවරයා තමන්ගේ ගෝලයා වෙත තැබුවා. ගෝල සරත් එහෙම තමයි. කුමාර තිරිමාදුර සහයෝගයෙන් ද නිවුස් පේපර් තැනුවා. ඒක බොහොම අපූරු චිත්‍රපටයක් කියලයි නරඹපු හැමෝම කිව්වේ.

නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.