එච්චර නැහැ මල්ලි

දෙසැම්බර් 26, 2019

චරිතා කියනවා ඔව් කියලා. එඩ්වඩ් කියනවා නැහැ කියලා. කවුද ඇත්ත කියන්නේ කියලා හිතාගන්න බැහැ. මෙන්න මේකයි කතාව. එඩ්වඩ් කොහොමත් හොඳ නළුවනෙ. ඔහු වේදිකාවේ සම්මාන පවා ලබාගෙන තිබෙනවා හොඳම නළුවා හැටියට. මේ එඩ්වඩ් රඟපානවා චිත්‍රපටයක. ඒකෙ නම ගුත්තිල. ගුත්තිල චිත්‍රපටයේ ගුත්තිල පඬිතුමා හැටියටයි එඩ්වඩ් රඟපාන්නේ. මේ වෙනුවෙන් ඔහුට අති විශාල මුදලක් ගෙවලා. සංඛ්‍යාත්මකව ගත්තොත් ලංකාවේ ඉහළම මුදලක් ගන්න නළුවාටත් එහා ගණනක් තමයි එඩ්වඩ්ගේ රංගනයට ගෙවලා තියන්නේ. තමන්ගේ මහත්තයා ගැන උසස් අන්දමින් වර්ණනා කරන ගමන් තමයි චරිතා එඩ්වඩ්ගේ ගාණ ගැන කිව්වේ. හැබැයි එඩ්වඩ් කියනවා ඒක බොරුවක්ලු.

මොන පිස්සුද මල්ලි. මට එච්චර ගෙව්වෙ නැහැ එඩ්වඩ් කියනවා. ආයෙ තමන්ව චිත්‍රපටයකට නොගෙන ඉඳීවිය කියලා වෙන්න ඇති එඩ්වඩ් එහෙම පවසන්නේ. 

නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.