මනිරත්නම්ගේ චිත්‍රපටයකට අපේ ශ්‍යාම්

ජනවාරි 2, 2020

රෝජා, නායකන්, ගුරු, රාවනන්, චෙක්ක චිවන්ත වානම් ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනි රත්නම්ගේ නවතම සිනමාපටය සඳහා මෙරට සම්මානනීය නළුවකු තෝරාගෙන ඇති බවට සරසවියට වාර්තා විය. එවන් වූ වාසනාවක් ලද රංගන ශිල්පියා වනුයේ ශ්‍යාම් ප්‍රනාන්දු වේ. පොන්නියින් සෙල්වන් ලෙසට නම තබා ඇති මනිරත්නම්ගේ සිනමාපටයට ශ්‍යාම් දායක වනුයේ මහින්දන් නමැති චරිතයට පණ පොවමිනි. පොන්නයින් සෙල්ලවන් සිනමාපටය තුළින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පැතිකඩක් ද නිරූපණය වනු ඇත.

ශ්‍යාම් රඟපාන මහින්දන් චරිතයට පාදක වනුයේ පස්වැනි මිහිඳු රජුය. එකල චෝල ආක්‍රමණත් සමඟ සිදු වූ ව්‍යසනයන් පිළිබඳ ද චිත්‍රපටයට ඇතුළත්ය. මේ දිනවලදී ඉන්දියාවේ මෙන්ම තායිලන්තය යන රටවල රූපගත වන පොන්නියිනි සෙල්වන් සිනමාපටය සඳහා ශයාම් විදෙස්ගතව සිටියි. ෂාරුක් ඛාන්, අයිෂ්වර්යා රායි, අභිෂේක් බච්චන්, අරවින්ද් ස්වාමි, විජේ සේතුපති, ප්‍රකාශ් රාජ්, වික්‍රම වැනි සුපිරි නළු නිළියන් මෙහෙය වූ මනි රත්නම් වැනි සිනමාකරුවකු යටතේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයේ යෙදීම අප සිනමා කර්මාන්තයට ද ආලෝකයක් බව සඳහන් කළ යුතුය.

2009 වසරේ සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූයේද මනිරත්නම්ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.