සුනිල් එදිරිසිංහයන්ගේ 70 වැනි ජන්ම දිනය දා

ජනවාරි 2, 2020

ප්‍රවිණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් පුෂ්කර වන්නිඅරච්චි ලියූ සුනිල සිරිත සහ සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කළ සුනිල් දේශයේ අධ්‍යාත්මීක ස්වරය ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවත්විණි. එහිදි සමස්ත ලංකා ගායක ගායිකා සංසදය වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද ජානක වික්‍රමසිංහයන්ද තරුණ නිර්මාණ ශිල්පින් වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂ දර්ශන වික්‍රමතුංග සහ ගේය පද රචක සුගත් සෝමවීර ද සුනිල් එදිසිංහයන්ට සමරු තිළිණයන් පිරිනැමූහ. මේ අවස්ථාව සරසවිය කැමරා ඇස දුටු අයුරු.

සේයාරු- නිශ්ශංක විජේරත්න

Add new comment