හැබැයි තෘප්තිමත්

ජනවාරි 2, 2020

චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයකු මෙන්ම ජනප්‍රිය නළු වසන්ත කුමාරවිල සමඟ පුංචි චැට් එකක් දාගෙන ඉන්න අතරතුරදි ඔහු මෙහෙම කියනවා.

සිනමාවට මං තනියම නෙවෙයි ආවේ. මගෙත් එක්ක මට වගේම සිනමා උණ තියෙන යාළුවෙක් හිටියා. අන්තිමේ මුල් කාලේ වෙච්ච කැපිලි කෙටිලි එක්ක මිනිහට ක්ෂේත්‍රය එපා වුණ.

දැන් ඉතින් මොකද ඒ යාළුවා කරන්නේ.

මිනිහා දැන් ෂෝක් එකට අර ඉන්නේ පොඩි බිස්නස් එකකුත් කරගෙන.

වසන්ත එහෙම කිව්වෙ හිනාවකුත් මුවට නංවාගෙන. ඒ කතාව ඇතුළේ වසන්ත නොකියා කිව්වේ සිනමාවෙ ඉන්න කලාකරුවට වෙලා තියෙන එකයි.

හැබැයි ඉතින් අපි තෘප්තියෙන් ඉන්නවා කලාවේ ඉන්න නිසා.

වසන්ත අන්තිමේ ඔය වාක්‍යයත් කිව්වා.

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

Add new comment